Sunday, June 27, 2010

Serch කරන web site වල සැබැ පෙනුම වෙනත් tab එකකට හෝ window එකකට නොගිහින් බලාගන්න පුළුවන් Add-one එකක්

මේ post එක නම් ජාවා ගැන නෙවේ. මේක Firefox අළුත් Add-one එකක් ගැන.අළුත් කිව්වට සමහර අය නම් දන්නවා ඇති. නම ඇවිල්ලා CoolPreview. මේක දා ගත්තාම අපිට පුළුවන් search engine එකේ serch කරන web site වල සැබැ පෙනුම වෙනත් tab එකකට හෝ window එකකට නොගිහින් බලාගන්න. කරන්න තියෙන්නේ මේ එක install කරලා Google හෝ මොනවහරි search engine එකක search result වල web site එකකට ඉස්සරහින් පෙන්වන CoolPreview icon එක ළගට mouse point එක අරන් යන්න විතරයි.



එතකොට ඉට අදාළව ඒ website එකේ preview එකක් අපිට බලන්න පුළුවන්. තව දේවල් දැන ගන්න ඔන කියලා හිතෙනවනම් මෙතැන click කරන්න.

Download කරගන්න මෙතැන click කරන්න.

Friday, June 25, 2010

Java සිංහලෙන් 03 >> NetBeans install කරන හැටි.

NetBeans කියන්නේ IDE එකක්. ඒ කියන්නේ java codes ලියන්න පහසු කරන software එකක්. සාමාන්‍යයෙන් java වලදි කියන්නේ note pad වල codes ගහලා එක cmd(command prompt) එකේ run කරන්න කියලා.නමුත් අපේ ඉලක්කය වෙන්නේ java use කරගෙන business solution කරන්න නිසා NetBeans use කරන එක හොදයි කියලා තමයි අපේ අදහස.

Thursday, June 24, 2010

Java සිංහලෙන් 02 >> ජාවා කොහොමද install කරන්නේ????

මේ you tube video එකේ තියෙන්නේ කොහොමද java install කරන්නේ කියලා.ඔයාලට java download කරගන්න ඕන නම් ඉස්සෙල්ලාම sun java web site එකට යන්න ඕන. java download කරගන්න මේ clickතැන කරන්න. ඉස්සරහා කලේකදි සිංහලෙන් java install කරන හැටි ඉදිරිපත් කරන්න හිතන් ඉන්නව. එතකන් මේ තියන video එක බලන්න.

Wednesday, June 16, 2010

Java සිංහලෙන් 01 >> java ගැන පොඩි හැදින්විමක්...........

ජාවා කියන්නේ software ලියන්න පුලුවන් තවත් එක් language ක්.1991 තමයි ජාවා ලෝකයට හදුන්වා දුන්නේ. එකේ ගෞරවය හිමිවෙන්නේ කියන Sun Microsystem ආයතනයට (නමුත් දැන් java වල අයිතිය ORACLE සමාගමට අරගෙන කියලා ආරංචියි).ඉතින් එහෙම හදුන්වා දුන් මේ language එක අද ලොකයේ ප්‍රමුඛ පෙළේ software language එකක් බවට පත් වෙලා තියෙන්නේ එකේ තියන විශේෂ ලක්ෂණ කිහිපයක් හින්දා.
  1. අනිත් language එක්ක සැසදීමේදි java ඉගනීමට පහසු එකකි (Simple).
  2. java program එකක් run කරන විට එම code එකෙන්computer එකට වෙන්න පුලුවන් හානිය අවම මට්ටමක පවතී (Robust).
  3. ඕනැම computer (Operating System) එකක වැඩ කිරිමේ හැකියාවක් ඇත (Platform Independent).
  4. Object Oriented language එකකි.
මේ තියෙන්නේ java වල තියන විශේෂ ලක්ෂණ කිහිපයක්. java කියන්නේ case sensitive language එකක් නිසා ලොකු අකුරු(Upper case) සහ කුඩා අකුරු(Lower case) කෙරෙහි අවධානය යොමුකල යුතු වෙනවා. java ගැන තව ගොඩාක් විස්තර නම් තියනවා කියන්න.ඒ උනාට මේ ටික ඇති කියලා හිතනවා.
ආයුබෝවන්!!!

java use කරගෙන කරන්න පුළුවන් අළුත්ම වැඩ කිඩ ටිකක් you-tube search කරද්දි හමුවුනා. ඉතින් හිතුවා ඒ ටික upload කලොත් java ගැන උනන්දුවක් තියන අයට තවත් ඒ ගැන interest එකක් ඇති වෙවි කියලා. ඒකයි මේ ටික upload කලේ.










Tuesday, June 15, 2010

Y Generation........

ඉතා වේගයෙන් වෙනස් වෙන ලොකයත් එක්ක ඉදිරියට යැමට නම් සෑම කෙනෙක්ටම පරිඝණක තාක්ශණය පිළිබදව සුළු හරි දැනුමක් තිබිම අනිවර්යය යි. නමුත් අවාසනාවට මේ පිළිබදව ගොඩක් දැනුම තියෙන්නේ English පොත්වල. හැබැයි දැන් සිංහලෙන් Website තියන නිසා වැඩෙ අව්ලක් නෑ.ඉතින් ඒ අව්ල තව ටිකකිනුත් අඩු කිරිම තමයි Y Generation අපේ අදහස. ඉතින් ඒකට ඔයගොල්ලොන්ගෙත් සහය අපි බලාපොරොත්තු වෙනවා.

ඉතින් අපි අපේ කතාව java වලින්ම ආරම්භ කරන්න හිතුවා. මෙතනදි අපේ බලාපොරොත්තුව සම්ප්‍රදායික විදියට පාඩම් කියා දිමම පමනක් නෙවේ.කොහොමද java language use කරගෙන එක එක applications හදන්නේ මොනවද අළුත් trends java වල වගේ එක එක දේවල්. නැත්නම් මේකත් තවත් එක language එකක් වෙනව.එක නැති කරන්න අපි උපරිම උත්සහයක් ගන්නවා. එකට ඔයලගේ අදහසුත් එක් වෙනවා නම් ඒ උත්සහය සාර්ථක කරගන්න අපිට එතරම් අමාරු වෙන එකක් නැ.

එහෙනම් අපි නවතිනවා.අපි...........
Y Gen Team.
Creative Commons License
y genaration by kalpa prasad gamage is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at ygenkalpa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at http://ygenkalpa.blogspot.com/2010/09/java-06-jcombo-box.html.