Wednesday, October 6, 2010

Java සිංහලෙන් 07 >> ජාවා කොහොමද database එකකට connect කරන්නේ..

පොස්ට් එක ලියන්න පරක්කු උනේ වැඩ ටිකක් තිබුනු හින්දා. හෙටට තිබුනු(7 වෙනිදට) අපේ පැදුරු සාජ්ජේ 14 වෙනිදට කල්ගියා. එක නිසා ටිකක් විතර ලිහිල් විමක්. හරි අද ලියන්නේ කොහොමද ජාවයි databaseයි connect කරන්නේ කියන කාරණාව ගැන. මේක ගොඩ දා ගත්තොත් බඩුම තමයි. මොකද ජාවා වල ගොඩක් වැඩ කරන්න එතකොට පුළුවන් වෙනවා (මම අදහස් කලේ System එකක් හැදිම සම්බන්දව).Right කතා ඇති. වැඩේට බහිමු........

මේකට ජාවා වල jar file(mysql-connector-java-5.0.7-bin.jar) එකක් ඕන කරනවා. සරළවම jar file එකක් කියන්නේ java executable file එකක් කියන එකටයි. මුළින්ම කරන්න තියෙන්නේ හා හා පුරා කියලා අර jar file එක බා ගන්න තමයි ඉතින්. පහත link එකෙන් ඒ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්.

download mysql-connector-java-5.0.7-bin.jar


මේ බා ගත්ත jar file එක netbeans වල library එකට දා ගන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ Libraries වල right click කරලා Add jar folder කියන එක click කරන්න.


එතකොට ඒ Add JAR/Folder වින්ඩොව open වෙනවා.එතනට add කරගත්තනම් වැඩේ හරි.


මෙතනට jar file එක add කරගන්න. හරි............

දැන් කරන්න තියෙන්නේ code කරන්න තමයි ඉතින්.මෙතනදි කියන්න දෙයක් තියනවා. database සම්බන්ද කරන එක ලියන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි අපි සම්බන්ද කරන අවස්ථාවේ අදාල code එක ලිවිම. අනිත් එක තමයි වෙනම class එකක code එක ලියලා අවශ්‍ය අවස්ථාවේදි call කිරිම.මෙකෙන් වඩාත්ම උචිත අකාරයනම් දෙවෙනි එක තමයි. මොකද අපිට code එකේ මොකක් හරි වෙනසක් කරන්න උනොත් වෙනස් කරන්න ඕන එක තැනකදි විතරයි. පළවෙනි ක්‍රමේ අනුගමනය කල අයට ඉතින් sorryම තමා.

හරි ඔන්න මම ඉස්සෙල්ලාම class එකක් ගන්නවා Source Packages උඩ right click කරලා ගිහින්.


එක නම් කරමු db කියලා.


දැන් ඔන්නdb class එක පෙන්නන්න ගන්නවා.එතන මේ code ටික ගැහුවනම් හරි.

private static Connection con;
public static Connection getMyConnection() throws Exception{
Class.forName("com.mysql.jdbc.Driver");

con = DriverManager.getConnection("jdbc:mysql://localhost:3306/testDB", "root", "");

return con;

}

ඕක තමයි code එක. මෙහිදි මම getMyConnection() කියලා method එකක් හදාගෙන එකේ ඇතුලේ තමයි code කලේ.

con = DriverManager.getConnection("jdbc:mysql://localhost:3306/testDB", "root", "");
මේ code එකෙන් තමයි connection එකේ path එක නැත්නම් පාර කියලා දෙන්නේ. මුලින්ම database එකෙ path එක දෙන්න ඕන(අන්තිමට තියෙන්නේ database එකේ නම > testDB). ඉටපස්සේ username එකේ එක(root). ඉටත්පස්සේ password එක(password නැ).

අහ් තව කියන්න දෙයක් තියනවා. code එක copy paste කරා නම් public class db කියන එකට උඩින්

import java.sql.Connection;
import java.sql.DriverManager;

හෝ

import java.sql.*;

කියලා copy කරගන්න ඕන. නැතුව අපි type කලා නම් ඒ කළින් හඳුන්වා දී තියන class නැත්නම් predefine class ස්වයංක්‍රියවම netbeans වලින් ගන්නවා.(ctrl + space එකවර එබු විටත් අදාළ code පෙන්නනවා. මෙතනදි තොරන්න ඕන Connection sql කියන එක මිසක් Connection mysql කියන එක නෙවෙයි).දැන් connection එකනම් හදලා ඉවරයි.

දැන් අපි පොඩි උදාහරණයක් කරමු වැඩේ හරිද කියලා බලන්න. jTextfield දෙකකුයි jLabel දෙකකුයි Jbutton එකකුයි ඇදලා jFrame එකට දාගන්න(මෙව කරන හැටි කලින් පොස්ට් වල දාලා තියෙන්නේ. ඕනනම් මෙතනින් යන්න ). jLabel දෙක නම් කරමු Emp IDකියලයි Emp Name කියලා. Jbutton එක නම් කරමුකො Save කියලා. run කරහම පෙන්නනේ මෙන්න මේ වගේ.


දැන් database එකක් හදා ගන්න ඔනා testDB කියලා. ඉටපස්සේ employ කියලා table එකක් හදාගන්නත් ඔන(මම EmpId කියන එක primary key ලෙස භාවිතා කරනවා). එකට ක්‍රම දෙකක් තියනවා. එකක් phpMyAdmin ගිහින් GUI ලෙස හදාගැනිම. අනිත් එක mySql Console එකේ code ලියලා හදාගැනිම.

java code එක ලියන්නේ save button එක ඇතුලේ. මෙන්න code එක.

String EmpID = jTextField1.getText();
String EmpName = jTextField2.getText();

try {

Connection con = db.getMyConnection();
String sql ="insert into employ() values('"+ EmpID +"','"+ EmpName +"')";
Statement stmt = con.createStatement();
stmt.executeUpdate(sql);

}
catch (Exception e) {

e.printStackTrace();
}

මුලින්ම jTextfield දෙකේ තියන values EmpID, EmpName කියන variable දෙකට අරගන්නවා.

String EmpID = jTextField1.getText();
String EmpName = jTextField2.getText();

ඉටපස්සේ connaection එක හදාගන්නවා.
Connection con = db.getMyConnection();

ඉටපස්සේ sql query එක ලියලා එක ක්‍රියාත්මක කරනවා.
String sql ="insert into employ() values('"+ EmpID +"','"+ EmpName +"')";
Statement stmt = con.createStatement();
stmt.executeUpdate(sql);

catch (Exception e) {
e.printStackTrace();
}

මේ code එකෙන් කරන්නේ මේ program එක run වෙනකොට තියන errors print වෙලා පෙන්නන එක. අපිට ඔනිනම් එක dialog box එකක් විදියටත් පෙන්නන්න පුළුවන්.
import javax.swing.JOptionPane; //(මේක උඩින්ම දාන්න ඕන.)
JOptionPane.showMessageDialog(null,e.getMessage(),"Error",JOptionPane.ERROR_MESSAGE);

code කරද්දි අතින් කරනවානම් හොදයි. මොකද connection කරද්දි බොහොදුරට තියෙන්නේ මේ code ටිකම තමයි. ඔය sql query එක තමයි සමහරක් විට වෙනස් වෙන්නේ. අනික් කරණය තමයි සමහරක් code ලියද්දි එවට අදාළ predefine class ස්වයංක්‍රියවම netbeans මඟින් ලියාගන්නවා.

ඔයාලා code copy paste කරලා ගැහුවම් මේ code(import කල class ටික) ටිකත් දාන්න අමතක කරන්න එපා.

import java.sql.Connection;
import java.sql.Statement;

එහෙනම් අපි නවතිනවා. අඩුපාඩු තියනවනම්, මීට වඩා හොද ක්‍රම තියනවනම් , ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Saturday, October 2, 2010

ඔයාලගේ බ්ලොග් එකේ තියන ජනප්‍රිය key words මොනවද ?

iwebtool කියන website එකට ගියොත් ඔයලට පුළුවන් ඔයාලගේ බ්ලොග් එකේ තියන ජනප්‍රිය key words මොනවද කියලා දැනගන්න. මේ තියෙන්නේ ලින්ක් එක.

http://www.iwebtool.com/keyword_density



මේතැන බ්ලොග් එකේ url එක copy කරලා check button එක එබුවනම්වැඩේ ok. එතකොට අපේ බ්ලොග් එකේ තියන ජනප්‍රිය key words ටික යටින් highlight වෙලා පෙන්නනවා.

Tuesday, September 28, 2010

Java සිංහලෙන් 06 >> JCombo Box

අද කරන උදාහරණයෙන් පැහැදිලි කරන්නේ කොහොමද JCombo Box එකක් අපි use කරන්නේ කියලා. ඉස්සෙල්ලාම Jframe එකක් අරගෙන එකට JCombo Box එකක් ඇදලා දා ගන්න. ඒක මත right click කරලා propertise යන්න. එතකොට එතන model කියලා එකක් ඔයගොල්ලන්ට පෙන්වනවා.එතැන අපිට ඔන data ටික කොමා දාලා add කරන්න පුලුවන්.



එහෙමත් නැත්නම් එතන කොනට වෙන්න තියන icon එක click කරලා එන window එකේ data දාගන්න පුළුවන්(data දානකොට enter කර කර data add කරගන්න පුළුවන්).



jcombobox1.getSelectedItem(); කියන code එකෙන් තමයි select උනු data ටික object variable එකකට ගන්න වෙන්නේ.
Object JCB1=jComboBox1.getSelectedItem();
ඉට පස්සෙ object variable එක string variable එකක් බවට convert කරන්න ඔන. එහෙම කරන්න මේ code එක උදව් කරගතහැකි.
String StringJCB1=JCB1.toString();

මේ තියෙන්නෙ සම්පුර්ණ code එක.

Object JCB1 = jComboBox1.getSelectedItem();
String StringJCB1 = JCB1.toString();
System.out.println(StringJCB1);

මේ code එක jcombobox එක ඇතුලේ දැම්මොත් එකේ item එක select කරන කොට output එක පෙන්වනවා. නැත්නම් jbutton එකක් ඇදලා දාලා එකේ ඇතුලේ code එක ලියන්න. එතකොට jbutton එක press කලවිට output එක display කරනවා.මමනම් දාලා තියෙන්නේ jcombobox එක ඇතුලේ.

දැන් අපි gui එකේ තොරන item එක output පෙන්වන window එකේ ප්‍රින්ට් වෙනව බලාගන්න පුළුවන්.






Thursday, September 16, 2010

css එක gui එකකින්ම edit කරන්න පුළුවන් Panacea ජුම්ලා Template

Panacea කියන්නේ තවත් ජුම්ලා Template එකක්. එකේ තියන විශේෂත්වය තමයි css එක gui එකකින්ම edit කරන්න පුළුවන් වීම. සාමාන්‍යයෙන් ඉතින් css එඩිට් කරන්න css එක open කරලා manually edit කරන්න ඔනනේ. එකට ඉතින් css දැනගන්නත් ඔනනේ. මෙකේ වෙන දේවල් ටික user ට පෙන්නනවා. ඉතින් css නොදන්න කෙනෙකුට උනත් පහසුවෙන් Template එක edit කරලා එකිනෙකට වෙනස් Template හදාගන්න පහසුවෙන් පුළුවන්.බා ගන්න මේ ලින්ක් එක click කරන්න. එතකොට zip file එකක් download වෙවි. ඉටපස්සේ එක unzip කරලා එකේ ඇතුලේ තියන rt_panacea_j15-bundle.tar.gz zip file එක ජුම්ලා වල install කරගන්න. ඉට පස්සේ Template Manager ගිහින් rt panacea j15 එක click කරහම Template එක open වෙනවා. ඉටපස්සේ තමන්ට කැමති විදියට Template එක වෙනස් කරගන්න ඔයලටත් පුලුවන්. ආ තවදෙයක් කියන්න අමතක උනා. මෙකේ තියනවා Tutorial එකක්. එකේ උදව් ගන්නත් පුලුවන්.

කරන්න ඕන පියවර ටික පහලින් දාලා තියනවා.

1 වන පියවර





2 වන පියවර


3 වන පියවර


4 වන පියවර



5 වන පියවර


එහෙනම් අපි නවතිනවා.

Saturday, September 4, 2010

Java සිංහලෙන් 05 >> JTextField use කරගෙන කරන්න පුළුවන් simple program එකක්

මෙම පොස්ට් එකෙන් පෙන්වන්නෙ කොහොමද temperature converter එකක් හදන්නෙ කියන එක ගැන. මේක ඉතා සරළ program එකක්. අමතරව දැන ගන්න ඔන Fahrenheit Celsius කරන සුත්තරය තමයි ඉතින්. ඔන්න මම එකත් එකතු කලා.

C=(F-32).5/9

මේක අනිත් පැත්ත ගහලා ඉතින් Celsius Fahrenheit කරන එකත් හොයගත්ත හැකිනේ.

F=(C)9/5+32

හරි ඉස්සේල්ලම ඉතින් දෙයියනේ කියලා JLable 2කුයි JTextfield 2කුයි JFrame එකට drag & drop කරන්න. JButton එකකුත් add කරන්න.


button එක උඩ එක සැරයක් click කෙරුවම එක edit කරන්න පුළුවන්. නැත්නම් right click කරලා ගිහින් Edit Text මගිනුත් කරන්න පුළුවන්. JLable, JTextField වලටත් එහෙමම තමයි.


දැන් ෆොර්ම් එක design කරලා ඉවරයිනේ. දැන් කරන්න තියෙන්නෙ code කරන එක. මෙහිදි වැදගත් වන code වන්නේ getText සහා setText කියන code දෙක.

getText වලින් කරන්නේ JTextField එකේ තියන දෙවල්ඒ කියන්නේ එකේ ලියවිලා තියන දෙවල් variable එකකට ගන්න එක. setText වලින් කරන්නේ අපිට JTextField වල ලියන්න ඔන දෙවල් එකේ සෙට් කරන එක.

අපි මෙ converter එකේ code එක ලියන්න තමයි දැන් හදන්නේ. code එක ලියන්නෙ button එක ඇතුලේ(මොකද මේක වැඩකරන්නේ button එක click කරපුවම හින්දා). ආ තව කියන්න දෙයක් අමතක උනා.JTextField එකක් Edit කරන්න බැරි වෙන්නත් හදන්න පුළුවන් ක්‍රමයක් තියනවා. ඒකට right click >> Properties >> enable tic එක අයින් කරන්න ඔන.


එතකොට ඒ text field එක users ලට edit කරන්න දෙන්නෙ නැ. ඔන්න code එක. code එක ලියන්නෙ button එක ඇතුලේ.

String cel =jTextField1.getText();
int C =Integer.parseInt(cel);
int F =C*9/5+32;
String far=Integer.toString(F);
jTextField2.setText(far+"F");



මුලින්ම text field එකේ තියන input ටික String value එකක් විදියට String variable එකට ගන්නවා( jTextField1.getText()). අනිවාර්යයෙන් jtextfield එකෙන් එන්නේ String value එකක්. එකයි String variable එකකට ගන්නේ. String value එකක් කියන්නේ සාමාන්‍ය text එකක් කියන එකයි. එකෙන් ගණිත කර්ම කරන්න බැරි හින්දා අපි ඒ ගත්ත String value එක int value එකක් බවට පත්කරගන්නවා. ඉට පස්සේ අදාල ගණිත කර්ම ආදිය කරලා ඉවර වෙලා අයෙත් ඒක String value එකක් බවට පත් කරන්න ඔන. මොකද අපි ඒ value එක display කරන හින්දා( jTextField2.setText(far+"F")).මෙතැන display කරන්න ඔන variable එක දාන්න ඔන. මම ඊට එහා පැත්තෙන් පෙරළි කොමා ඇතුලේ F අකුරක් දාලා තියෙන්නෙ display කරයින් පස්සේ Fahrenheit කියලා පෙන්නන්න. සාමාන්‍යයෙන් ජාවා වල String variable එකතු කරන්නෙ ඔය විදියට එකතු කිරිමේ ලකුණක් දාලා(concatenates).

ආ තවත් දෙයක් කියන්න තියෙනව netbeans වල code කරන කොට Ctrl එකයි Space එකයි එකට එබුවහම ආදාල code ටික වැටෙන නිසා අවුලක් වෙන්නෙ නැතුව පහසුවෙන් කරගන්නත් පුළුවන්. form එක Run කරන්න right click >> run කරලා බලන්න කරන්න පුළුවන් නැත්නම් Shift + F6 ඔබලාත් පුළුවන්. ආ තව එකක් තමයි ඔයාලට ඒ form එකේ title එකක් දා ගන්නත් පුළුවන් එකට form එකේ right click කරලා ගිහින් උඩම තියන title කියන තැන ඔයා කැමති නම දා ගන්න පුළුවන්. අදට ඔච්චර තමයි ඉතින්.


Friday, September 3, 2010

Java සිංහලෙන් 04 >> Net beans වල project එකක් කරන හැටි

ගොඩක් කාලේකින් blog එක ලියන්න උනේ නැ. මොකද දැන් ටිකක් වැඩ වැඩියි(දැන් අපි ඉතින් තුන්වෙනි වසරේනේ ). අද කරන්න යන්නේ නම් කොහොමද netbeans වලින් වැඩ කරන්නේ කියලා. බොහොමයක් අය මේ ගැන නම් දන්නවා. ලියන පොස්ට් වල පිලිවෙලක් තියෙන්න ඔන නිසාම තමයි මේ ගැන ලියන්නේ.

  1. netbeans open කරන්න
  2. File > new project
  3. category වල java select කරන්න
  4. projects වල Java application select කරන්න
  5. Next කරන්න
  6. Project name එක save කරන තැන මෙතන ලබා දෙන්න
  7. finish button එක click කරන්න





දැන් project එක වම් පැත්තේ තියන project window එකෙ පෙන්නනවා.






අපිට දැන් GUI base program එකක් කරන්න ඔන නිසා මුලින්ම source package එකේ javaapplication13 කියන එක මත right click කරන්න.

new >> JFrame form >> JFrame form wizard

Form එකේ නම යොදලා ඉවර වෙලා finish button එක click කරන්න. එතකොට ඒ අදාල frame එක create වේ. ඉන්පසු එම frame එකට textfield, button, radio button වගේ ඒවා drag and drop කරන්න පහසුවෙන්ම පුලුවන්. එවා යොදගෙන simple program එකක් කරන හැටි ඉළග post එකේන් කියලා දෙන්නම්.

Creative Commons License
y genaration by kalpa prasad gamage is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at ygenkalpa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at http://ygenkalpa.blogspot.com/2010/09/java-06-jcombo-box.html.