Saturday, September 4, 2010

Java සිංහලෙන් 05 >> JTextField use කරගෙන කරන්න පුළුවන් simple program එකක්

මෙම පොස්ට් එකෙන් පෙන්වන්නෙ කොහොමද temperature converter එකක් හදන්නෙ කියන එක ගැන. මේක ඉතා සරළ program එකක්. අමතරව දැන ගන්න ඔන Fahrenheit Celsius කරන සුත්තරය තමයි ඉතින්. ඔන්න මම එකත් එකතු කලා.

C=(F-32).5/9

මේක අනිත් පැත්ත ගහලා ඉතින් Celsius Fahrenheit කරන එකත් හොයගත්ත හැකිනේ.

F=(C)9/5+32

හරි ඉස්සේල්ලම ඉතින් දෙයියනේ කියලා JLable 2කුයි JTextfield 2කුයි JFrame එකට drag & drop කරන්න. JButton එකකුත් add කරන්න.


button එක උඩ එක සැරයක් click කෙරුවම එක edit කරන්න පුළුවන්. නැත්නම් right click කරලා ගිහින් Edit Text මගිනුත් කරන්න පුළුවන්. JLable, JTextField වලටත් එහෙමම තමයි.


දැන් ෆොර්ම් එක design කරලා ඉවරයිනේ. දැන් කරන්න තියෙන්නෙ code කරන එක. මෙහිදි වැදගත් වන code වන්නේ getText සහා setText කියන code දෙක.

getText වලින් කරන්නේ JTextField එකේ තියන දෙවල්ඒ කියන්නේ එකේ ලියවිලා තියන දෙවල් variable එකකට ගන්න එක. setText වලින් කරන්නේ අපිට JTextField වල ලියන්න ඔන දෙවල් එකේ සෙට් කරන එක.

අපි මෙ converter එකේ code එක ලියන්න තමයි දැන් හදන්නේ. code එක ලියන්නෙ button එක ඇතුලේ(මොකද මේක වැඩකරන්නේ button එක click කරපුවම හින්දා). ආ තව කියන්න දෙයක් අමතක උනා.JTextField එකක් Edit කරන්න බැරි වෙන්නත් හදන්න පුළුවන් ක්‍රමයක් තියනවා. ඒකට right click >> Properties >> enable tic එක අයින් කරන්න ඔන.


එතකොට ඒ text field එක users ලට edit කරන්න දෙන්නෙ නැ. ඔන්න code එක. code එක ලියන්නෙ button එක ඇතුලේ.

String cel =jTextField1.getText();
int C =Integer.parseInt(cel);
int F =C*9/5+32;
String far=Integer.toString(F);
jTextField2.setText(far+"F");



මුලින්ම text field එකේ තියන input ටික String value එකක් විදියට String variable එකට ගන්නවා( jTextField1.getText()). අනිවාර්යයෙන් jtextfield එකෙන් එන්නේ String value එකක්. එකයි String variable එකකට ගන්නේ. String value එකක් කියන්නේ සාමාන්‍ය text එකක් කියන එකයි. එකෙන් ගණිත කර්ම කරන්න බැරි හින්දා අපි ඒ ගත්ත String value එක int value එකක් බවට පත්කරගන්නවා. ඉට පස්සේ අදාල ගණිත කර්ම ආදිය කරලා ඉවර වෙලා අයෙත් ඒක String value එකක් බවට පත් කරන්න ඔන. මොකද අපි ඒ value එක display කරන හින්දා( jTextField2.setText(far+"F")).මෙතැන display කරන්න ඔන variable එක දාන්න ඔන. මම ඊට එහා පැත්තෙන් පෙරළි කොමා ඇතුලේ F අකුරක් දාලා තියෙන්නෙ display කරයින් පස්සේ Fahrenheit කියලා පෙන්නන්න. සාමාන්‍යයෙන් ජාවා වල String variable එකතු කරන්නෙ ඔය විදියට එකතු කිරිමේ ලකුණක් දාලා(concatenates).

ආ තවත් දෙයක් කියන්න තියෙනව netbeans වල code කරන කොට Ctrl එකයි Space එකයි එකට එබුවහම ආදාල code ටික වැටෙන නිසා අවුලක් වෙන්නෙ නැතුව පහසුවෙන් කරගන්නත් පුළුවන්. form එක Run කරන්න right click >> run කරලා බලන්න කරන්න පුළුවන් නැත්නම් Shift + F6 ඔබලාත් පුළුවන්. ආ තව එකක් තමයි ඔයාලට ඒ form එකේ title එකක් දා ගන්නත් පුළුවන් එකට form එකේ right click කරලා ගිහින් උඩම තියන title කියන තැන ඔයා කැමති නම දා ගන්න පුළුවන්. අදට ඔච්චර තමයි ඉතින්.


2 comments:

  1. මමනම් වැඩක් කර ගත්තා.මේ පොස්ට් එන නියමයි

    ReplyDelete
  2. ස්තුතියි කි.අප්පුහාමි

    ReplyDelete

Creative Commons License
y genaration by kalpa prasad gamage is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at ygenkalpa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at http://ygenkalpa.blogspot.com/2010/09/java-06-jcombo-box.html.